කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල්වඩම් තැබූ නඩුව නඩුව මාර්තු 24 දා කැඳවීමට නියම කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිවස ඉදිරිපිට පසුගිය ජනවාරි මාසයේ දී මල්වඩමක් තබා නිවැසියන් බිය ගන්නවා අප්‍රසාදය පළ කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහිව පවරා ඇති නඩුව නැවත ලබන මාර්තු 24 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (10) දින නියෝග කළා.

සිය සේවාදායකයා ඇතුළු පිරිසක් වෛද්‍ය සැපයුම් අංශයේ සිදු වූ ඖෂධ වංචාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අප්‍රසාදය පළ කිරිම සඳහා ඔහුගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තැබූ බව සත්‍ය නමුත් නිවැසියන්ට තර්ජනය කිරිමක් හෝ බිය ගැන්විමක් සිදු නොකළ බව සඳහන් කළ නීතිඥවරයා එදින සිදුවීම් ඇතුළත් විඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මර්වින් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව පෙන්වාදුන්නා.

මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය නරඹා පොලිසියට මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන් බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේ මෙම නඩුකරයට පාදක වන වීඩියෝපටය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගෙන කඩිනමින් ඉදිරි පියවර ගන්නා ලෙසයි.

වෛද්‍ය චමල් සංජිව මහතා වෙනුවෙන් නීතිඥ මර්වින් සිල්වා සහ නීතිඥ රජිත ලක්මාල් යන මහත්වරු පෙනී සිටියා.

පසුගිය ජනවාරි මස පළමු වන දා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවීමට ලිපියක් රැගෙන ගිය සිය පෞද්ගලික ලේකම්වරියට අවහිර කළ බවත් නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තබා නිවැසියන් බියගැන්වු බවත් සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය විසින් වෘත්ති හා සිවිල් සංවිධාන නායකයින්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?