කෙහෙළියගේ නිවස ඉදිරිපිට මල්වඩම් තැබූ නඩුව නඩුව මාර්තු 24 දා කැඳවීමට නියම කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නිවස ඉදිරිපිට පසුගිය ජනවාරි මාසයේ දී මල්වඩමක් තබා නිවැසියන් බිය ගන්නවා අප්‍රසාදය පළ කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහිව පවරා ඇති නඩුව නැවත ලබන මාර්තු 24 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (10) දින නියෝග කළා.

සිය සේවාදායකයා ඇතුළු පිරිසක් වෛද්‍ය සැපයුම් අංශයේ සිදු වූ ඖෂධ වංචාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අප්‍රසාදය පළ කිරිම සඳහා ඔහුගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තැබූ බව සත්‍ය නමුත් නිවැසියන්ට තර්ජනය කිරිමක් හෝ බිය ගැන්විමක් සිදු නොකළ බව සඳහන් කළ නීතිඥවරයා එදින සිදුවීම් ඇතුළත් විඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මර්වින් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බව පෙන්වාදුන්නා.

මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය නරඹා පොලිසියට මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන් බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේ මෙම නඩුකරයට පාදක වන වීඩියෝපටය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර උපදෙස් ලබා ගෙන කඩිනමින් ඉදිරි පියවර ගන්නා ලෙසයි.

වෛද්‍ය චමල් සංජිව මහතා වෙනුවෙන් නීතිඥ මර්වින් සිල්වා සහ නීතිඥ රජිත ලක්මාල් යන මහත්වරු පෙනී සිටියා.

පසුගිය ජනවාරි මස පළමු වන දා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවීමට ලිපියක් රැගෙන ගිය සිය පෞද්ගලික ලේකම්වරියට අවහිර කළ බවත් නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තබා නිවැසියන් බියගැන්වු බවත් සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය විසින් වෘත්ති හා සිවිල් සංවිධාන නායකයින්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39