කෙහෙළියගේ ගේ ඉදිරිපිට මල් වඩමක් තැබූ සිද්ධියේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට දෙන ලෙස නියෝගයක්

පසුගිය ජනවාරි මස පළමු වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරි පිට මල් වඩමක් තැබූ සිද්ධියේ පටිගත කර ඇති, සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (21) රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළා.

කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරණු ලැබුවා.

සිය සේවාදායකයාට මෙම නඩුව පවරා ඇත්තේ දේශපාලන හේතූන් මත බැවින් විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශන නරඹා සිය සේවාදායකයා නිදහස් කරන ලෙස සැකකාර විශේෂඥ වෛද්‍ය චමල් සංජිව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සම්පුර්ණ වීඩියෝ දර්ශන ඇරඹීමෙන් පසුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් සැකකරුව නිදහස් කරන බව පැවසූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නඩුව ලබන පෙබරවාරි 10 වනදා යළි කැඳවීමටයි නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
15
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?