කෙහෙළියගේ ගේ ඉදිරිපිට මල් වඩමක් තැබූ සිද්ධියේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට දෙන ලෙස නියෝගයක්

පසුගිය ජනවාරි මස පළමු වනදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරි පිට මල් වඩමක් තැබූ සිද්ධියේ පටිගත කර ඇති, සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (21) රූපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළා.

කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරණු ලැබුවා.

සිය සේවාදායකයාට මෙම නඩුව පවරා ඇත්තේ දේශපාලන හේතූන් මත බැවින් විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශන නරඹා සිය සේවාදායකයා නිදහස් කරන ලෙස සැකකාර විශේෂඥ වෛද්‍ය චමල් සංජිව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සම්පුර්ණ වීඩියෝ දර්ශන ඇරඹීමෙන් පසුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් සැකකරුව නිදහස් කරන බව පැවසූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නඩුව ලබන පෙබරවාරි 10 වනදා යළි කැඳවීමටයි නියෝග කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46