කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිගෙන් විරෝධතා

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (25) කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම විරෝධතා මතු කළා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් පෙබරවාරි මස 29 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ පිටපත් මෙතෙක් ලැබී නොමැති බව ‍ රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට සැළ කර සිටියා.

ඒ, අනුව අදාළ තීන්දුවේ පිටපතක් ඉල්ලුම් කර තිබේදැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා අමතා කරුණු සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
9
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47