spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිගෙන් විරෝධතා

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (25) කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම විරෝධතා මතු කළා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත් පෙබරවාරි මස 29 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ පිටපත් මෙතෙක් ලැබී නොමැති බව ‍ රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට සැළ කර සිටියා.

ඒ, අනුව අදාළ තීන්දුවේ පිටපතක් ඉල්ලුම් කර තිබේදැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා අමතා කරුණු සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
9
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?