AFC Banner
Empty Ad
Empty Ad

කෙහෙළියගෙන් තාවකාලික සමුගැනීමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තාවකාලිකව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව සිය පාක්ෂිකයින් දැනුවත් කිරීමේ රැස්වීමකට අද (13) මහනුවර දී එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මහනුවර ප්‍රදේශයේ හෝටලයක මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර, ඊට ඔහුගේ සමීපතමයන් සහ දේශපාලන පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා.

තමන් තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත් මහජනතාවගේ ආදරය සහ ප්‍රසාදය පෙර පරිදිම තමන්ට පවතින බවයි හිටපු අමාත්‍යයවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

තමාට අධිකරණයෙන් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව සඳහන් කළ ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස යළිත් දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුව බව ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?