කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදූ පාස්පෝට් කන්තෝරුවේ නිලධාරියෙක් අත්අඩංගුවට

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහකාර පාලකවරයෙක්.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙක් තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ඡායාරූපය වට්ස්ඇප් මගින් ලබාගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීම ඳ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?