කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදූ පාස්පෝට් කන්තෝරුවේ නිලධාරියෙක් අත්අඩංගුවට

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහකාර පාලකවරයෙක්.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමට කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙක් තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ඡායාරූපය වට්ස්ඇප් මගින් ලබාගෙන එය සංස්කරණය කර, විදේශ ගමන් බලපත්‍ර සැකසීම ඳ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38