AFC Banner
AFC Banner
Empty Ad

කෙසෙල්වත්ත දිනුකගේ ලක්ෂ 80ක කුඩු එක්ක ගෝලයෙක් අල්ලයි

යුක්තිය මෙහෙයුමට සමගාමීව දෙමටගොඩ මාර්ග බාධකයේදී මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 410ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම ලක්ෂ 80කට අධික බව පොලිසිය පවසනවා.

මේ පිළිබඳව කළ විමර්ශනවලදී කුඩු ජාලයේ තවත් අයෙකු සමඟ අපරාධ සඳහා යොදාගන්නා කඩු දෙකක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් යතුරුපැදි හතරක් දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තවත් එක් සැකකරුවෙකු ළඟ තිබී මත්ද්‍රව්‍ය කිරුම් මිනුම් උපකරණ ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ මහා පරිමාණයේ කුඩු ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු වන අතර මෙම මත්ද්‍රව්‍ය ජාලය කෙසෙල්වත්ත දිනුකට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමක් බව දෙමටගොඩ පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගය සමඟ ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, යුක්තිය මෙහෙයුමට අනුව දෙමටගොඩ පොලිසිය විසින් දෙමටගොඩ – බේස්ලයින් පාර ඉන්ග්‍රම් හන්දියේ යොදා තිබූ මාර්ග සෝදිසි කිරීම්වලදියී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?