කෙසෙල්ගමුඔය වනසන මැණික් ජාවාරම්කරුවෝ – වැටලීම් කරන්න පොලිස් නිලධාරීන් හිඟයි

කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය ආසන්නයේ මහා පරිමාණයෙන් සිදු කෙරෙන මැණික් ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අර්බුදයකට ලක් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මැණික් ගැරීම සඳහා අදාළ පිරිසට කිසිදු නීතිමය බලපත්‍රයක් ද හිමි ව නොමැති අතර ඔවුන් 100 දෙනෙකුට අධික කණ්ඩායමක් යොදා ගනිමින් දිවා – රාත්‍රියේ දී මැණික් ගැරීම් සිදු කරන බවත් අදාළ ඉල්ලම් පස් කෙසෙල්ගමුඔයට සෝදා හරින බවයි.

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අසල බගවන්තලාව, මස්කෙළිය, හැටන් සහ නොර්වුඩ් යන ප්‍රදේශවලින් පැමිණ ජාවාරම්කරුවන් පිරිසක් මෙම මැණික් ගැරීම සිදු කරගෙන යන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

ජාවාරම්කරුවන් ජංගම දුරකථන හරහා තම මුරකරුවන් ස්ථානගත කර මෙම ජාවාරම යන්ත්‍ර සූත්‍ර පවා භාවිතා කරමින් එම ස්ථානයේ විශාල වළවල් හාරා එහි තුළ තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් කෙසෙල්ගමුඔයට සෝදා ඇති අයුරු දසත ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරාවේ ද සටහන් වී තිබුණා.

නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සමග එම ස්ථානයට ඊයේ (08) දිනයේ දී යන විට ද ජාවාරම්කරුවන් පිරිස පලා ගොස් සිටි බවත් මැණික් ගැරීමට යොදා ගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බවත් වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්.එස්.පී රාජනායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු ජනවාරි මස 06 වැනි අත් අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්; මෙම වැටලීම් සිදු කිරීමට අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් තම සේවා ස්ථානයේ නොමැති වීම ද ගැටලුවක් වී ඇති බවයි.

අමතර පොලිස් නිලධාරින් නොර්වුඩ් පොලිස් ස්ථානය වෙත අනුයුක්ත කිරිමට කටයුතු කරන ලෙස හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?