කෙසෙල්ගමුඔයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් – වැඩේට පොලිසියත් හවුල් ?

බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පතුලේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ ජාවාරමක් මේ දිනවල සිදු වෙමින් පවතින බව බගවන්තලාව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; බගවන්තලාව වතු යාය මගින් එළවළු වගා කිරීමට බදු පදනම මත ලබා දී ඇති
ඉඩමට යාබද ව කෙසෙල්ගමුඔයේ මෙම අනවසර මැණික් ගැරීමේ ජාවාරම සිදු කෙරෙන බවයි.

මේ දිනවල බගවන්තලාව පොලිස් නිලධාරින් ජනාධිපතිවරණ රාජකාරි කටයුතුවල නියැලීම හේතුවෙන් පිට පළාත්වලින් බගවන්තලාව ප්‍රදේශයට පැමිණ නතර වී එම ප්‍රදේශයේ පදිංචි මැණික් ජාවාරම්කරුවන් පිරිසක් සමග එක්ව රාත්‍රී
කාලයේ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකු යොදාගෙන (ජපන් ක්‍රමය) මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ කටයුත්තක් සිදු කෙරෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ඉවුරු කඩා වැටී; විශාල පරිසර හානියකට ලක් ව ඇති බවට ද වාර්තා වනවා.

ජාවාරම්කරුවන් පිරිස කෙසෙල්ගමුඔය පතුලේ වටිනා මැණික් ඉල්ලමක් ඇති බවට හඳුනාගෙන ඇති බවත්, එම ජාවාරම්කරුවන්ට මැණික් ඉල්ලම් ගොඩ දැමීමට බගවන්තලාව පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ පුර්ණ සහයෝගය ද ලැබෙන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?