කෙසෙල්ගමුඔයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් – වැඩේට පොලිසියත් හවුල් ?

බගවන්තලාවේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පතුලේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ ජාවාරමක් මේ දිනවල සිදු වෙමින් පවතින බව බගවන්තලාව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; බගවන්තලාව වතු යාය මගින් එළවළු වගා කිරීමට බදු පදනම මත ලබා දී ඇති
ඉඩමට යාබද ව කෙසෙල්ගමුඔයේ මෙම අනවසර මැණික් ගැරීමේ ජාවාරම සිදු කෙරෙන බවයි.

මේ දිනවල බගවන්තලාව පොලිස් නිලධාරින් ජනාධිපතිවරණ රාජකාරි කටයුතුවල නියැලීම හේතුවෙන් පිට පළාත්වලින් බගවන්තලාව ප්‍රදේශයට පැමිණ නතර වී එම ප්‍රදේශයේ පදිංචි මැණික් ජාවාරම්කරුවන් පිරිසක් සමග එක්ව රාත්‍රී
කාලයේ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකු යොදාගෙන (ජපන් ක්‍රමය) මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ කටයුත්තක් සිදු කෙරෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ඉවුරු කඩා වැටී; විශාල පරිසර හානියකට ලක් ව ඇති බවට ද වාර්තා වනවා.

ජාවාරම්කරුවන් පිරිස කෙසෙල්ගමුඔය පතුලේ වටිනා මැණික් ඉල්ලමක් ඇති බවට හඳුනාගෙන ඇති බවත්, එම ජාවාරම්කරුවන්ට මැණික් ඉල්ලම් ගොඩ දැමීමට බගවන්තලාව පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ පුර්ණ සහයෝගය ද ලැබෙන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28