කෘත්‍රීම බුද්ධිය සමඟ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීම රජයේ සැලසුමයි – ජනපති

කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) පෙරවරුවේ එක් වෙමින්.

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනු ලබනවා.

පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද හරිතාගාර සැලසුම් කිරීම මෙන්ම ඒවා ඉදිකිරීම මෙම සමාගම විසින් සිදුකරනු ලබන අතර, එම හරිතාගාර සඳහා අඛණ්ඩ සේවා සහ නඩත්තු සේවා සහාය ද ලබා දෙනවා.

එම සමාගම යටතේ කෑගල්ල, නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට ප්‍රථම හරිතාගාරය කොටස් තුනකින් සමන්විත අතර තක්කාලි වර්ග, බෙල්පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කරනු ලබනවා.

එමෙන්ම බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක් ද ක්‍රියාත්මක කරයි.

දැනට AI Grow සමාගමේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ දේශීය සුපිරි වෙළෙඳසැල් වෙත ද සිය නිෂ්පාදන සපයයනු ලබනවා.

එමෙන්ම මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන හරිත කෘෂිකාර්මික ස්වයංක්‍රීය උපාංග දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශයන්ට ද අළෙවි කිරීම ද සිදුකරනවා.

AI Grow සමාගම දේශීය විශ්වවිද්‍යාල අතර ඇතිකරගෙන ඇති සහයෝගීතාවය මගින් නවීන කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) සම්බන්ධ කරගැනීම සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබනවා.

AI Grow සමාගමේ කෑගල්ල, නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවීන තාක්ෂණය සමඟ කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළා.

ආචාර්ය හර්ෂ සුභසිංහ විසින් නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහි දී එක් වුණා.

අනතුරුව එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා සැළසුමකට අනුව නවීන කෘෂිකර්මාන්තය රටට හඳුන්වාදීමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවත් පැවසුවා.

මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අනාගත හරිතවාදී ආර්ථිකයක පෙර නිමිති පෙන්නුම් කරන්නක් බව කිවයුතුයි. මෙවැනි පෞද්ගලික ව්‍යවසායකයින්ගේ දායකත්වය ඇතිව කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන රට තුළ පුළුල් කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව මෙම වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙහි පළමු අදියර යටතේ ප්‍රාදේශය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ට ද අවස්ථාව තිබෙනවා. ඊට අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අද ලෝකයේ අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා. 2050 වන විට අක්කරයකින් ආහාර ලබා දිය හැකි ප්‍රමාණය 255 දක්වා වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටවල් සූදානම් විය යුතු අතර ආහාර නිෂ්පාදනය වැඩිකර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළයුතුයි. ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙලා ගැනීමට අවශ්‍ය තාක්ෂණය අප භාවිතා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට කටයුතු කිරීම අවශ්‍යයි. අද මේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව සිදුකිරීමෙන් රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව මම විශ්වාස කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?