කූඩුවේ දැම්ම වරෙන්තුකරුව අමතක වුණු කොච්චිකඩේ පොලිසියේ සිහිකල්පනාව

පොලිසිය කිව්වම කවුරුත් හොඳක්නම් කියන්නේ නෑ..
සමහර වෙලාවට මේකට ඇත්තටම හේතුව පොලිසියේ අය කරන ඇතැම් වැඩ.
මනුස්සයෙකුට ගරු සරු ඇතුව කතා කරන්න දන්නේ නෑ.. පොලිසියට යන හැම මනුස්සයම වරදකාරයෙක් කියලා හිතන් ඉන්නවා වගේ තමයි ඔවුන් හැසිරෙන්නේ.
මේ නිසාමයි පොලිසියට ජනතා අප්‍රසාදය එල්ල වෙන්නේ.
මේකට කදිම උදාහරණයක් පසුගිය දවසක කොච්චිකඩේ පොලිසිය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
එක් පුද්ගලයෙකුගේ වලංගු රියදුරු බලපත්‍රය අස්ථානගතවී තිබෙනවා.
මේ නිසා ඔහු ඒ පිළිබඳව පොලිස් ස්ථානයක පැමිණිල්ලක් සටහන් කර එහි පිටපත ළඟ තබාගෙන යතුරුපැදිය ධාවනය කිරීමේදී පොලිසිය විසින් ඔහුව නතර කර තිබෙනවා.
ඉන් පසුව ඔහුට දඩ කොලයක් ලබාදීමට පෙර ලබාදෙන පොලිස් නිලධාරියෙකු විසින් ලබාදෙන අවසර පතක් ලබාදී තිබුණේ රියදුරු බලපත්‍රය ගෙනැවිත් පෙන්නන ලෙසටයි.
නමුත් නියමිත කාලසීමාව තුල ඔහුට එය සිදුකිරීමට නොහැකිවී තිබෙනවා.
ඊට පසුව ඔහුව උසාවි දමා ඇති අතර එදිනටද ඔහුට ඉදිරිපත් වීමට නොහැකි වීමෙන් ඔහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය දිනක කොච්චිකඩේ පොලිසිය වරෙන්තුකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය ඉරිදා සවස 6ට පමණයි.
ඉන් පසුව සඳුදා ඔහුව උසාවියට ඉදිරිපත් කිරන තෙක් පොලිස් කූඩුවේ ගතකිරීමට මෙම පුද්ගලයාට සිදුව තිබෙනවා.
පුදුමයට කරුණනම් එදින උසාවි යන පොලිස් නිලධාරීන්ට මෙම වරෙන්තුකරුව උසාවියට රැගෙන යාමට අමතක වී තවත් සැකකරුවෙකු පමණක් රැගෙන උසාවියට යාමයි.
පොලිස් කූඩුවට දමා පැය විසි හතරක් ගතවීමට මත්තෙන් පොලිසියට මතක් වී තිබෙන්නේ මෙම පුද්ගලයාව උසාවියට රැගෙන යාමට අමතකවූ බවයි.
ඉන් පසුව අදාල වරෙන්තුකරුද අවස්ථා කිහිපයකදීම පොලිස් නිලධාරීන්ට මේ බව මතක් කළත් එය කණකට නොගෙන අදාල නිලධාරීන් හැසිරී තිබෙනවා.
කෙසේ වෙතත් පැය 23 ක් පමණ ගතවූ පසු කඩිමුඩියේ පොලිස් නිලධාරීන් දෙනෙකු සමග මෙම වරෙන්තුකරුද යතුරුපැදියක තිදෙනාම රැගෙන ගොස් තිබෙනවා.
උසාවියද වසා දැමූ පසු හදිසියේ මොහුව රැගෙන විත් ඔහුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබූ බවයි වාර්තා වන්නේ.
කොහොම වුණත් එයින් මෙම වරෙන්තුකරු මහත් සේ අපහසුතාවයට පත්ව තිබෙනවා.
අදාල පුද්ගලයාගේ පියාද තම පුතා රැගෙන එන තුරු උදෑසන අටේ සිට සවස 4 වනතෙක් උසාවිය අසල රැදී සිට තිබෙනවා.
මෙලෙස තම වගකීම නිසියාකාරව ඉටු නොකරන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා නිසා අපහසුතාවයට පත්වන්නේ අහිංසක මිනිසුන් බවය ඔවුන්ට අප මෙයින් සිහිපත් කළ යුතුය.
සුළු වරදකට පොලිසියට රැගෙන එන මෙවැනි පුද්ගලයන්ට පොලිසිය තුලදී සිදුවන මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැන සමාජය තුල ඇතිවන ආකල්පය එතරම් යහපත් නොමැති බවයි අදාල වරෙන්තුකරු පවසා තිබෙන්නේ.
අවසාන මොහොතේ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පවා ඔහුව මගහැර නොදැක්කා සේ ගිය බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54