කුසල් ජනිත්ට අවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිවුදින තරග 2ක් සහ එක්දින තරග 03ක් සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කර තිබෙනවා.

ජනවාරි 31 වැනිදා ආරම්භ මෙම සිව්දින සහ එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ සිව්දින කණ්ඩායමේ නායකත්වය සදහා නිපුන් ධනංජය ද එක්දින තරග අංශයේ නායකත්වය සඳහා කමිදු මෙන්ඩිස් ද නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා සිටින කමිදු මෙන්ඩිස්ට අමතරව, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබීම කැපී පෙනෙනවා.

නම් කරන ලද ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට සූදානම් වීමේ කොටසක් ලෙසට තවත් 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අතරට ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ද නම්කර තිබීම කැපී පෙනෙනවා.

2021 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති T20 තරගයෙන් පසු උරහිසේ ආබාධයකට මුහුණ දුන් කුසල් මේ වන තෙක් වූ මාස කීපයේදීම කිසිදු ක්‍රියාකාරී තරගයකට සහභාගී වූයේ නැහැ.

සිය ආබාධිත තත්ත්වය පූර්ණ සුව අතට පත්කර ගැනීමට කුසල් සමත්වීම නිසායි නැවතත් ජාතික කණ්ඩායමට දොරටු විවර කර ගැනීම සදහා අවස්ථාවක් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

මේ අතර පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු,සහ පදුෂ්මන්ත චමීර යන ටෙස්ට් වරම් දිනා සිටීන ක්‍රීඩකයින්ද අවශ්‍ය වූ විටෙක කැඳවීමේ බලාපොරොත්තුවෙන් නම් කරන ලද විශේෂිත සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක – සිව්දින තරග), කමිදු මෙන්ඩිස් (නායක – එක්දින), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, සහන් ආරච්චිගේ, තනුක දාබරේ, ෂෙවෝන් ඩැනියෙල්, ඔෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අම්ෂි ද සිල්වා, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චමිදු විජේසිංහ, ධනංජය ලක්ෂාන්, සුමින්ද ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මානසිංහ, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

අවශ්‍ය වූ විටෙක කැඳවීම සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් – පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, අන්ජලෝ මැතිව්ස්, දුනීත් වෙල්ලාලගේ, සදීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අංජුල, අවිශ්ක ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, කුසල් ජනත් පෙරේරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?