කුසල්ගේ ප්‍රවේසම්කාරී ලකුණු මැෂිමෙන් ජැෆ්නාවරුන්ට ලකුණු 192ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට (03) ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමු ව පන්දුවට පහර දුන් දඹුලු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 191ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා නායක චරිත් අසලංක පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ලකුණු පුවරුව වේගයෙන් මෙන් ම කල්පනාකාරී ව ගොඩනැගීමටයි දඹුලු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන කුසල් පෙරේරා කටයුතු කළේ.

එය කෙතරම් ප්‍රවේසම්කාරී මෙන් ම හැඩකාර ඉනිමක් දැයි කිවහොත් කුසල් පන්දු 50ක දී විශිෂ්ට ශතකයක් (102*) ද ලබා ගත්තේ තරගය අවසාන වන තෙක් නොදැවී සිටිමින්.

කුසල්ගේ මෙම ශතකයට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

කුසල් පෙරේරා පන්දුවාර 20 තරගයක දී ලබා ගත් ඉහළම සහ මංගල ශතකය ද මෙයයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් තරගාවලියේ ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ද කුසල් පෙරේරා මෙම ශතකයත් සමග පත් වීම විශේෂත්වයක්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 09කට දැවී ගියත් කුසල් පෙරේරා සමගින් එක් වූ නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 108ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

නුවනිඳු ප්‍රනාන්දු හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ ගැනීමේ දී ධනංජය ද සිල්වා යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 40ක් ලබා සිටිය දී දැවී ගියේ ඉතා අවාසනාවන්ත අයුරින්.

ඉන් අනතුරුව ද නො නැවතුණු කුසල් පෙරේරා සිය තෙවැනි කඩුල්ලට එක් වූ සගයා වූ මාර්ක් චැප්මන් සමග ද ලකුණු එක් රැස් කිරීමේ මැෂිම ක්‍රියාත්මක කරන්නට වුණා.

චැප්මන් ද තමන්ට ලද අවස්ථාවල දී උපරිම ලකුණු සීමාවකට යමින් පන්දු 23ක දී එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් එක් කරමින් ලකුණු 33ක් නොදැවී ලබා ගත්තා.

තරගයේ පන්දුවාර 20 අවසානයේ දඹුලු කණ්ඩායමේ ලකුණු සටහන දැක්වුණේ කඩුලු 02ක් දැවී ලකුණු 191ක් ලෙසින්.

කඩුලු බිඳ දැමීමේ දී ධනංජය ද සිල්වා නමින් පමණක් කඩුලු 02ක් සටහන් වුණා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට නම්, ජැෆ්නා කණ්ඩායමට පන්දු 120ක් තුළ දැවැන්ත ලකුණු 192ක ඉලක්කයක් හඹා යා යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?