කුවේට් රාජ්‍යයේ ගබඩාවක රැකියාවන් ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් වංචනික ලෙස මුදල් ලබාගත් බව කියන අයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ, අටබාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ ගබඩාවක සහායකයින් ලෙස සේවය කිරීම සදහා රැකියාවන් ලබාදිය හැකි බව පවසමින් සැකකරු එක් අයෙකුගෙන් රුපියල් 450,000 බැඟින් ලබාගෙන තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව සැකකරු මේ වන විට වංචනික ආකාරයෙන් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 26 කට වැඩි මුදලක් ලබාගෙන ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුව බදුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත කිරීමෙන් අනතුරුව මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.















