කුලී නිවාස පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබුණු බව කතානායක දන්වයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබුණු බව කතානායකවරයා අද (17) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම නිවේදනය පහතින්.

“පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” යන පනත් කෙටුම්පත් ඒවායේ වර්තමාන ස්වරූපයෙන් ඉදිරියට ගෙන නොයන බවටත්, ඒ වෙනුවට සලකා බැලීම සඳහා විශේෂඥ කමිටුවකට යොමු කරන බවටත්, ඒවා නව පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු පියවර ගන්නා බවටත් 2026.02.06 දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගරු නීතිපතිවරයා වෙත නිකුත් කරන ලද ලිපිය මත පදනම්ව, ගරු නීතිපතිවරයා විසින් ලබා දුන් පොරොන්දු සැලකිල්ලට ගනිමින්, පෙත්සම්කරුවන් තම පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා ලදී.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) වගන්තිය ප්‍රකාරව, “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණ ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
62
+1
1
+1
3
+1
4
+1
3
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54