කුලී නිවාස පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබුණු බව කතානායක දන්වයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබුණු බව කතානායකවරයා අද (17) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම නිවේදනය පහතින්.

“පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” යන පනත් කෙටුම්පත් ඒවායේ වර්තමාන ස්වරූපයෙන් ඉදිරියට ගෙන නොයන බවටත්, ඒ වෙනුවට සලකා බැලීම සඳහා විශේෂඥ කමිටුවකට යොමු කරන බවටත්, ඒවා නව පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු පියවර ගන්නා බවටත් 2026.02.06 දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගරු නීතිපතිවරයා වෙත නිකුත් කරන ලද ලිපිය මත පදනම්ව, ගරු නීතිපතිවරයා විසින් ලබා දුන් පොරොන්දු සැලකිල්ලට ගනිමින්, පෙත්සම්කරුවන් තම පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා ලදී.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(3) වගන්තිය ප්‍රකාරව, “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ” සහ “ගෙවල් කුලී (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණ ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

  1. මාස 3 ක් දෙදෙපැත්තටම දිය යුතුය් .ඉන්න හෝ යෑමට. Advance එකෙන් කුලිය හා කොන්දේසි අනුව අඩු කිරිම් කරනු ඇත. ශ්‍රි ලංකා වේ හොරෙන් රාජ්‍ය හා පුද්ගලික ඉඩම් අල්ලා ගෙන කාළයක් බුක්ති ව්ද නීතියානු කූළව හොරා සතු කර ගන්නා නීතී ය වහාම තහානම් කිරිමට පියවර ගන්න . පෝට් සිට් ඉඩම් අවුරුදු 99 ට දීර්ඝකාලීන බදු දීමේදී monthly rent per perche 14 milion usa usd . ගොඩබ්ම ව්දේශීය රටවල ට බදු දීමේදී , monthly rent per perche 5 /6./7 milion usa usd ..ව්‍ ය යුතුය් .advance 5 bilion to 10 bilion usa usd .

    • මුං කළුවරේ අතපතගාන අන්ධයින්වගේගේ.
      කොහොමත් ඒක අදාළවෙන්නේ කුළී ගිවිසුමක් තිබෙනවානං පමනයිලු.
      ඉතිං ඒකේ ඔය අදාළ කොන්දේසි කොහොමත් තියනවනෙ ආය ඕකේ මොනවා අටවන්නද?
      මේවා රටේ දැවෙන ප්‍රශ්නද?

  2. ඇත්තටම මෙම පනත දුප්පත් අහිංසක ජනතාවට සහන සැලසෙන බව කිව යුතුමය.
    දැනට රජයේ ඉඩම් වල වසර ගණනාවක්ම ගොවිතැන් කටයුතුවල නිරතවන ඉඩමි නොමැති දෙවන තෙවන දරුවන් වෙනුවෙන් එම ඉඩම් අයිතිය පවරා දීමට සුදුසු කටයුතු සම්පාදනය කිරීම ඉතාම සාධාරණ හා කාලෝචිත බව ගෞරවයෙන් දැනුම් දීමටද කැමතිය.

  3. ගෙවල් හදා ගත්තූ මිනිස්සු ලෝන් ගහගෙන ඒව අවූරුදු ගානක් තිස්සේ ගෙවාගෙන ගෙයි කොටසක් කුලියට දීල බොහොම මිරිකිලා ඡීවන ගමන ගෙනයන මධ්‍යම පංතිකයින් 70% පමනම ඉන්නව දැනට තියෙන අන පනත් සිරීමා බංඩාරනායක මැතිනිය ඉඩම් සීමා පනත් ගෙනල්ල ඵ් කාලේ කූලී නිවැසියන්ට අවූරුදු ගනං හිටපූ ඒ නිවාස හිමි උනා.ඒ නිසා ඒ අනපනත් හොදටම ඇති.මේව නෙමෙයි දැවෙන ප්‍රශ්න රඡය රටේ ආර්ථිකය දියුනුවට වැඩ කරල දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන ඵක තමයි ඉස්සෙල්ලම කරන්න ඕන.

  4. ,කුලි නිවැසියාට් ගෙව්ස්ල් දෙන අය මාලිගා දෙන්නෙ නැත.බොහෝවිට කොටසකි.දුක් විද බැන්කු නය ගෙවා නය බරින් මිරිකී නැතිනම් විශ්‍රමෛකයන්‍ය..රජය මෙසේ අසදාරන කතා වලට,උගුල් වලට හසු වන්නේ කාගෙ උවමනාවටද්?
    කල යුතු දේ හැකි පමන නිවාස සාදා කුලී පද්නමට දීමයි.නැතිව සමන්‍ය ජනත දේපල තම රිසිසේ පරිහරනය නොවේ.
    නීතියට යාමට සාමාන්‍ය ජනතාවට මුදල් නැත. නීතිවේදීහු වයිද්‍යවරු අසාදාරන ලෙස මහජනතාව මහා ද්වාලේ කොල්ල කති එව්න් ගැට්ලු වලට අත නොදමා ජන්තාවාදී රජයක් මේ න්ටන නඩගම කුමක්ද
    දැවෙන ප්‍රශ්න අපමනය. කීවත් සලකන්නේ නැත .එව්න් එකක් පමනක් කියමි. ශ්‍රී ජයවර්දනපුර රෝහලට නුගෙගොඩ සිට දාවනය වන ල.ග.ම. බස් ඇත්තේ එකකි හෝ දෙකකි. එම පාර් ත්‍රීරෝද රජදහනකි.මහ ජනතාව විසදුම ශිතයෝජනා ඉදිරිපත් කලඩ අමාත්‍යන්ශය හා ලොකු නිල්දාරිවාද්‍ය ඊට් එරෙහිව සිටී.ජනයා තැන් තැන් මැසිවිලි න්ගති.. පසුගිය ර්ජය කොමිස් කොල්ල කා සෑදූ කානූ පද්දතිද නිදසුන් වේ .

    මෙවන් ගැටලු නොවිසදා ර්ජය කුලි නිවාස අල්ලා ගෙන කොටසක් නලවන්නේ ඇයිදැයි අපැහැදිලි ය.ර්ජය බලයට ආවේ,දේශපාලකයන් ,හෝ රඑක ජන කොටසක් නිසා නොව මහා ජනතාව ක් දුන් ප්‍රවේශ පත්‍රය නිසාය.
    කා ගැන නැතත් ජනපති දුන් ගැන අපට තවමත් අසීමිත විශ්වාසයක් ඇත. එනිසාම මෙසේ ලියමි.

  5. දැන් පනත ඉල්ලා අක්කරපත්තුව නැත.සාමාන්‍ය ඇනෙක්ස් දුන් අය බියවීම නිසා කුලීකරුවන් ඉවත්කර ගෙන ඇත.නැවත බොහෝවිට දෙන්නේද නැත.කුලියට යන්න ඉන්න උන් දැන් අනුර ගෙන් ඉල්ලා ගනිල්ලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23