කුලියාපිටියේ නිවසක් තුළ තරුණ පියෙක් ඝාතනය කරලා

කුලියාපිටිය, රත්මලේවත්ත ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුද්ගලයා කුලියාපිටිය, ගලහිටියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඉසංක දමිත් රාජපක්‍ෂ නැමැති එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මොහුට එරෙහිව කුලියාපිටිය අධිකරණයේ මිනීමැරුම් නඩුවක් ඇතුළු නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කළා.

කුලියාපිටිය කාර්මික විද්‍යාල භූමියේ ඊයේ (31) පැවැති සංගීත ප‍්‍රසංගයක් නැරඹීමට යෑමට පෙර මොහු ඇතුළු තවත් කිහිපදෙනෙක් රත්මලේවත්ත ප‍්‍රදේශයේ නිවසක මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික පොලිස් පරීක්‍ෂණවල දී හෙළිවී ඇත්තේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ඝාතනය සඳහා අත් පොරවක් භාවිත කර තිබූ බවයි.

ඝාතනය සම්බන්ධව සැකපිට එම නිවසේ මත්පැන් සාදය අතරතුර පැමිණ ඇති බව කියන අයෙකු සහ නිවැසියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය පිළිබඳව මූලිකමහේස්ත‍්‍රිත් පරීක්‍ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා විසින් සිදුකළ අතර, එහිදී නියම කෙරුණේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සදහා කුලියාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47