කුරුං මාමට මේං කිව්වා ඕං දුන්නා

අපි කවුරුත් ආසාවෙන් බලපු නාට්‍ය මාලාවක් තමයි කෝපි කඩේ කියන්නේ. ඒත් අද අපි මේ කතා කරන්න ආවේ නාට්‍ය ගැන නෙමෙයි. ඒ නාට්‍යයේ අපි කාගේත් හිත ගත්ත චරිතයක් වුනු කුරුං ගුරුං මාමා ගැන.

කුරුං ගුරුං මාමා ගේ චරිතය රඟ දක්වපු කේ.ඒ.පියකරු රංගන ශිල්පියා පහුගිය කාලේ අසනීපයෙන් හිටියේ කියලා කාටත් මතක ඇතිනේ. ඒ වගේම තමයි එතුමා ජිවත් වුනේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි තමන්ගේ දියණියගේ ගෙදර.

දියණියගේ ගෙදර වුනත් ඉතා අවම පහසුකම් යටතේ තමයි මේ ප්‍රවීන රංගන ශිල්පියා තමාගේ බිරිඳත් එක්ක ජිවත් වුනේ. කොහොමින් කොහොම හරි මේ ගැන සමාජ මාධ්‍ය තුල වගේම මාධ්‍ය තුලත් කතිකාවතක් ඇතිවුනා පසුගිය කාල සීමාවේදී.

මේ ගැන දැකපු දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම මේ ප්‍රවීන රංගන ශිල්පියාට හිසට සෙවණක් සාදලා දෙන්න ඉදිරිපත් වුනා.

අද ඒ මෙහෙයුම අවසන් කරලා කේ.ඒ.පියකරු රංගන ශිල්පියාට තමන්ටම කියලා නිවසක් ලබාදෙන්න ඔවුන් කටයුතු කරලා තිබුනේ මෙහෙමයි.

Dili 1
Dil 4
Dil 2
Dil 5
Dil 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?