spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) සිව් වසරක්

පාස්කූ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) වසර හතරක් සපිරෙනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් අද (21) පෙරවරු 8.45ට විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් අද (21) පෙරවරු 8.00 සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා සඳහන් කළා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයන් 45ක්, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර, තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?