මලල ක්‍රීඩාවෙන් ලක්මව සැරසූ කනිෂ්ඨයෝ දිවයිනට (ඡායාරූප)

විස්සෙන් පහළ ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම 01.00ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 569 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පැවැත් වුණා.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනාගනිමින් සමස්ත පදක්කම් පහක් දිනාගත්තා.

දිවයිනට පැමිණි වයස අවුරුදු විස්සෙන් පහළ ආසියානු මළළ ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීම සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, ඔවුන් ඉගෙනුම ලබන පාසල්වල ගුරු භවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙවර තරගාවලියට රටවල් 34ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටි අතර, එහිදී තුන් පිම්ම කාන්තා සහ මීටර් 100 X 4 පිරිමි සහාය දිවීම ඉසව්වෙන් වාර්තාවක් ද තබමින් රිදී පදක්කම් 02ක් දිනාගැනීමට සමත් වුණා.

මීට අමතරව මීටර් 400 X 4 සහාය දිවීම පිරිමි, ගැහැණු සහ මිශ්‍ර යන ඉසව්වලින් ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

20240429 022455 4 scaled
20240429 021804 4 scaled
20240429 021759 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25