මැණික්හින්න රෝහලේ ගුටි කෙළියක් (වීඩියෝ)

මහනුවර – මැණික්හින්න රෝහල් පරිශ්‍රය තුළ ඊයේ (28) සවස ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් කැඳවීමට පියවර ගෙන තිබුණා.

ඊයේ (28) පස්වරුවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් දිගන ප්‍රදේශයේ තරුණයෙක් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සිදු වූ පහරදීමකින් රෝහල් කාර්ය මණ්ඩලයේ සහ අනෙක් පාර්ශ්වයේ හයදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කළහකාරී සිද්ධියේ දී වාහන කීපකට ද අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව දෙපාර්ශ්වය ම කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම පිරිස් විසිර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17