සිවිල් වැසියන් 08ක් මරාදමන තෙක් බලා සිටි OIC ඇතුළු පොලිසියේ 05ක් ජීවිතාන්තය දක්වා සිරගෙට

නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙක් භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩිතබා ඝාතනය කළ බව කියන අවස්ථාවේ, එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට උතුරුමැද පළාත් බද මහාධිකරණය ඊයේ (28) නියෝග කළා.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති, උප පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරු තිදෙනෙක්ටයි.

මේ අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා මෙහිදී නියම කළා.

1998 වසරේ ජනවාරි 31 වන දින හෝ ඊට අසන්න දිනක දී කන්තලේ, භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දමිළ සිවිල් වැසියන් අට දෙනෙක් භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ අපරාධය සිදුවූ ස්ථානයේ දී සිටි බවට පසුව විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණා.

හදිසි නියෝග අවස්ථා විධිවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25