AFC Banner
AFC Banner
Empty Ad

කුඩා ලොරියක් පෙරළීමෙන් 21කට තුවාල

බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කුඩා ලොරි රථයක් පෙරලී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ වතු යායක සේවය අවසන් කර නිවෙස් බලා ලොරි රථයකින් ගමන් කළ සේවකයන් සහ එම රථයේ රියදුරා තුවාල ලැබූවන් අතර වනවා.

තුවාලකරුවන් බණ්ඩාරවෙල දිසා රෝහලටයි ඇතුලත් කර ඇත්තේ.

ඉන් තුවාලකරුවන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ලොරියේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයේ පැති බැම්මක ගැටී පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?