කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සහ ඒවායේ පවතින මූල්‍යමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය සමඟ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අංශයේ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරන නිලධාරීන් සහභාගී වූ අතර මෙරට ව්‍යවසාය සංවර්ධනය කිරීමට සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සතු අදහස් සහ යෝජනා ලබාගැනීම සිදු වී තිබෙනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම කුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සහිත දත්ත පද්ධතියක් සකස්කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබුවා.

එසේම ව්‍යවසාය සංවර්ධනයේදී රාජ්‍ය ආයතන අතර සම්බන්ධතාවයක් ඇති කළ යුතු බවද පැමිණ සිටි නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඒ් ඒ් බැංකු විසින් ඉදිරිපත් කරන දීර්ඝ කාලීන යෝජනා මෙම විශේෂ කාරක සභාවට ලිඛිතව ලබා දෙන ලෙසටයි කාරක සභාවේ සභාපතිවරයා ඉල්ලීමක් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද මෙම කාරක සභාව හමුවේ අදහස් දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03