කුඩා දරුවෙක් ධවල මන්දිරයේ ආරක්ෂක වැටෙන් පනී

ධවල මන්දිරය වටා ඇති යකඩ වැටවල් තුළින් රිංගා එම භූමියට ඇතුළු වූ කුඩා දරුවෙකු එක්සත් ජනපද රහස් සේවයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ආරක්ෂක වැටෙහි කණු දෙකක් අතර පවතින අඟල් පහමාරක් පමණ වන පටු ස්ථානයකින් දරුවා ධවල මන්දිරයේ භූමි සීමාව වෙත ඇතුළු වී ඇති බවයි.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින අමෙරිකානු රහස් සේවා පොලිසියේ නිලධාරින් දරුවා ඔහුගේ මව්පියන් වෙත භාර දී තිබෙනවා.

එම නිලධාරියෙකු ධවල මන්දිර භූමියේ සිට දරුවා ඔසවා ගෙන පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ධවල මන්දිරය තුළ සිට ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසු ධවල මන්දිරයට ප්‍රවේශය තාවකාලිකව සීමා කර තිබෙනවා.

දරුවා මෙලෙස ධවල මන්දිර භූමියට ඇතුළු වීම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් ආරක්ෂක අංශ නිලධාරීන් කෙටි වේලාවක් ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ.

මන්දිරය වටා ඩොලර් මිලියන 64ක් වැය කරමින් මෑතකදී ඉදි කරනු ලැබූ වැටේ උස අඩි 13ක් (මීටර් 3.9) වනවා.

එය ධවල මන්දිරයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සිදු වූ අතර එය පෙර පැවති උස මෙන් දළ වශයෙන් දෙගුණයක්.

2014 වසරේ දී ද තවත් කුඩා දරුවෙකු මෙලෙස අනාරාධිත ලෙස ධවල මන්දිර භූමියට රිංගා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?