කුඩා දරුවෙක් ධවල මන්දිරයේ ආරක්ෂක වැටෙන් පනී

ධවල මන්දිරය වටා ඇති යකඩ වැටවල් තුළින් රිංගා එම භූමියට ඇතුළු වූ කුඩා දරුවෙකු එක්සත් ජනපද රහස් සේවයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ආරක්ෂක වැටෙහි කණු දෙකක් අතර පවතින අඟල් පහමාරක් පමණ වන පටු ස්ථානයකින් දරුවා ධවල මන්දිරයේ භූමි සීමාව වෙත ඇතුළු වී ඇති බවයි.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින අමෙරිකානු රහස් සේවා පොලිසියේ නිලධාරින් දරුවා ඔහුගේ මව්පියන් වෙත භාර දී තිබෙනවා.

එම නිලධාරියෙකු ධවල මන්දිර භූමියේ සිට දරුවා ඔසවා ගෙන පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද ධවල මන්දිරය තුළ සිට ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසු ධවල මන්දිරයට ප්‍රවේශය තාවකාලිකව සීමා කර තිබෙනවා.

දරුවා මෙලෙස ධවල මන්දිර භූමියට ඇතුළු වීම සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් ආරක්ෂක අංශ නිලධාරීන් කෙටි වේලාවක් ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ.

මන්දිරය වටා ඩොලර් මිලියන 64ක් වැය කරමින් මෑතකදී ඉදි කරනු ලැබූ වැටේ උස අඩි 13ක් (මීටර් 3.9) වනවා.

එය ධවල මන්දිරයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සිදු වූ අතර එය පෙර පැවති උස මෙන් දළ වශයෙන් දෙගුණයක්.

2014 වසරේ දී ද තවත් කුඩා දරුවෙකු මෙලෙස අනාරාධිත ලෙස ධවල මන්දිර භූමියට රිංගා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14