කිසිවෙකුත් අපේක්ෂා නොකළ අතීතයක් ඇමසන් මහ වන මැදින් එළියට

ඇමසන් මහා වනය මැද සශ්‍රීක වෘක්ෂලතාදියෙන් වසර දහස් ගණනක් සැඟවී තිබූ දැවැන්ත පෞරාණික නගරයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම නව සොයාගැනීම හමුවේ ඇමේසන් හි ජීවත් වන මිනිසුන්ගේ ඉතිහාසය පිළිබඳ ලෝකය හමුවේ අනාවරණ වී ඇති කරුණු සම්පුර්ණයෙන් වෙනස් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

නැඟෙනහිර ඉක්වදෝරයේ උපනෝ ප්‍රදේශයේ පිහිටි මෙම නගරය නිවාස සහ මාලිගාවලින් සමන්විත අතර විස්මිත මාර්ග සහ ඇළ මාර්ග ජාලයකින් සම්බන්ධ වී ඇතැයි සඳහන්.

මෙම ප්‍රදේශය ගිනිකන්දක ආසන්නයේම පිහිටා ඇති අතර එමගින් වගාවන්ට සුදුසු සාරවත් පස් නිර්මාණය වී තිබුණ ද නගරයේ විනාශයට ද එම ගිනි කන්ද හේතු වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

පේරු හි Machu Picchu වැනි දකුණු ඇමරිකාවේ උස්බිම්වල නගර ගැන තොරතුරු අනාවරණ වී තිබුණ ද මිනිසුන් ජීවත් වන්නේ ඇමේසන් හි කුඩා ජනාවාසවල පමණක් බවට මෙතෙක් විශ්වාස කෙරුණා.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය ඇමේසන් හි මෙතක් හෙළිවී ඇති වෙනත් ඕනෑම ජනවාසයකට වඩා පැරණි බවයි.

මෙයින් පෙන්නුම් කරන්නේ පැරණි මිනිසුන් සංකීර්ණ නාගරික සමාජවල ජීවත් වූ බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම නගරය ඉදිකර ඇත්තේ වසර 2500කට පමණ පෙර වන අතර පුරාවිද්‍යාඥයින් පවසන පරිදි එහි මිනිසුන් වසර 1000ක් පමණ ජීවත් වූ බව සඳහන්.

එහි පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් ජීවත් වූයේ ද යන්න නිවැරදිව තක්සේරු කිරීමට අපහසු නමුත් විද්‍යාඥයන් පවසන්නේ එය නිසැකවම 10,000ක් හෝ 100,000 විය හැකි බවයි.

පුරාවිද්‍යාඥයන් විසින් ගුවන් යානයක ලේසර් සංවේදක භාවිතයෙන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් වර්ග කිලෝමීටර් 300ක ප්‍රදේශයක ඝන ශාක යට පිහිටි නගරයේ නටබුන් හඳුනා ගෙන තිබුණා.

මෙම LiDAR තාක්‍ෂණය මඟින් මීටර් 20 (අඩි 66) සිට මීටර් 10 (අඩි 33) සහ මීටර් 2-3 උසින් යුත් සෘජුකෝණාස්‍රාකාර වේදිකා 6,000ක් සොයා ගෙන තිබෙනවා.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ බොහෝ නිවෙස් වූ නමුත් සමහර ඒවා උත්සව අරමුණු සඳහා වූ ඒවා බවයි. ඒවා ගොඩනඟා ඇත්තේ කඳු කපා එහි මුදුනේ වේදිකාවක් නිර්මාණය කිරීමෙන්.

ඉතා සංකීර්ණ මෙහි මාර්ග පද්ධතිය විශාල දුරක් විහිදී පවතින අතර සියල්ල එකින් සම්බන්ධ වනවා.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි මාර්ග තැනීම ඉතා අපහසු වන අතර භූ පිහිටීම අනුව ගැලපෙන මාර්ගයකට වඩා සෘජු මාර්ගයක් තැනීම ඉතා අපහසු බවයි.

ඇතැම් විට උත්සවයකට හෝ මිත්‍යා විශ්වාසයකට සම්බන්ධ ඉතා බලගතු හැකියාවක් ඇති කණ්ඩායමක් විසින් මෙය නිර්මාණය කරන්නට ඇති බවටයි ඔවුන් විශ්වාස කරන්නේ.

විද්‍යාඥයන් විසින් කලාපය තුළ ජලය කළමනාකරණය කිරීමට උපකාර වන ඇළ මාර්ග ලෙස හඳුනාගෙන ඇති ඉදිකිරීම් දෙපස අගල් සහිත මාර්ග ද හඳුනාගෙන තිබෙනවා.

පර්යේෂකයන් ඇමසන් වනයේ ප්‍රථම වරට නගරයක් පිළිබඳ සාක්ෂි සොයා ගත්තේ 1970 පමණ වන අතර වසර 25ක පර්යේෂණයකින් පසු විස්තීර්ණ සමීක්ෂණයක් අවසන් කළ පළමු අවස්ථාව මෙයයි.

එය මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ සුප්‍රසිද්ධ මායා සමාජයන්ටත් වඩා විශාල බව පෙනෙන විශාල සංකීර්ණ සමාජයක් හෙළි කරනු ලබනවා.

එහි ජීවත් වූ මිනිසුන් සහ ඔවුන්ගේ සමාජ තත්වය කෙබඳුද යන්න මෙතෙක් හෙළි කරගෙන නැහැ.

වේදිකාවල වලවල් සහ උඳුන් මෙන්ම භාජන, ඇඹරීමට යොදා ගත් ගල් සහ පිළිස්සුණු බීජ ද හමු වී තිබෙනවා.

එහි ජීවත් වූ කිලමෝපේ සහ උපනෝ ජනයා බොහෝ විට කෘෂිකර්මාන්තයට යොමු වී ඇති අතර බඩ ඉරිඟු සහ බතල ආහාරයට ගනිමින් පැණි බීර වර්ගයක් වන “චිචා” පානය කළා විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

මහාචාර්ය රොස්ටේන් පවසන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භයේදීම මෙම පර්යේෂණයට එරෙහිව විවිධ කණ්ඩායම් අනතුරු ඇඟවූයේ ඇමේසන්හි කිසිදු පුරාණ කණ්ඩායම් ජීවත් නොවූ බව විශ්වාස නොකිරීම හේතුවෙන් බවයි.

“ඒත් මම හරිම මුරණ්ඩුයි, ඒ නිසා මම කොහොම හරි ඒක කළා. දැන් මම පිළිගන්න ඕනේ, මේ තරම් විශාල සොයාගැනීමක් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා,” ඔහු පවසයි.

පර්යේෂකයන් සඳහා මීළඟ පියවර වන්නේ යාබද වර්ග කිලෝමීටර් 300 (වර්ග සැතපුම් 116) ප්‍රදේශයක තවමත් සමීක්ෂණය කර මෙතෙක් හෙළි නොවූ දේ සොයා ගැනීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
3
+1
10
+1
7
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06