කිසිදු හේතුවක් මත 2024/2025 සා/පෙළ අයදුම්පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කරන්නේ නැහැ – විභාග කොමසාරිස්

2024-2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ; නොවැම්බර් මස 05 වැනි දින සිට නොවැම්බර් මස 30 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) මේ සඳහා අපේක්ෂකයින්ට ඉල්ලුම් කළ හැකි බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් අනුව ද මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි පැවසෙන්නේ.

පෞද්ගලික අයදුම්කරුවන් සාපෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව) හෝ (පියා) ගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී එකී අයදුම්පත්‍ර යොමු කළ යුතු වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ හෝ https://onlineexams.gov.lk/onlineapps/ වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

නොවැම්බර් මස 30 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කිරීමට දී තිබූ කාලය අවසන් වනු ඇති.

කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මීට අමතරව වැඩිදුර විස්තරයක් 011-2784208 හෝ 011-2785922 යන දූරකථන අංක ඔස්සේ ද විමසීම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?