කිසිදු හේතුවක් මත 2024/2025 සා/පෙළ අයදුම්පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කරන්නේ නැහැ – විභාග කොමසාරිස්

2024-2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ; නොවැම්බර් මස 05 වැනි දින සිට නොවැම්බර් මස 30 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) මේ සඳහා අපේක්ෂකයින්ට ඉල්ලුම් කළ හැකි බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් අනුව ද මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි පැවසෙන්නේ.

පෞද්ගලික අයදුම්කරුවන් සාපෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව) හෝ (පියා) ගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී එකී අයදුම්පත්‍ර යොමු කළ යුතු වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ හෝ https://onlineexams.gov.lk/onlineapps/ වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

නොවැම්බර් මස 30 වැනි දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කිරීමට දී තිබූ කාලය අවසන් වනු ඇති.

කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මීට අමතරව වැඩිදුර විස්තරයක් 011-2784208 හෝ 011-2785922 යන දූරකථන අංක ඔස්සේ ද විමසීම් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54