spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කිවියන් දොට්ට ඇදවැටීමේ අවසන් තරගය අද

මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ 39 වැනි තරගය අද (17) රාත්‍රී 08ට ආරම්භ වනවා.

ඒ නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාව සමගයි.

මෙම කණ්ඩායම දෙකම C කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර Tarouba හි දී තරගය පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායමට ද මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරගවලින් ම සිය මව්රට බලා යාමට සිදු වනු ඇති.

ඒ මේ වනවිටත් ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා අවසන් වීම හේතුවෙන්.

නවසීලන්තය මීට පෙර මුහුණදුන් තරග 03න් දෙකක් ම පරාජයට පත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තානය හමුවේයි.

උගන්ඩාවට එරෙහි තරගය පමණක් කිවියන්ට ජයගැනීමට හැකි වුණා.

පැපුවා නිව්ගිනියාව තරග 03කට මුහුණදුන් අතර එම තරග තුනෙන් ම අවාසනාවන්ත ලෙසින් පරාජයට පත් වුණා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?