කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ තරුණයින් දෙදෙනෙක්.
මුලතිව් දෙස සිට ධර්මපුරම් ප්‍රදේශය දෙසට ගමන්කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ලෝඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මියගිය තරුණයින්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ එහිදී පැවැත්වීමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1
1













