කිලිනොච්චියෙන් හමුවූ පතොරම් තොගය…

කිලිනොච්චිය රම්‍ය පාරේ ඉඩමක් කැණිමේදි විවිධ වර්ගයේ පතොරම් අන්තර්ගත පෙට්ටි රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.අදාල ඉඩමේ තිබි ටී 56 ගිනි අවි සදහා භාවිත කරන මලබැදුනු පතොරම් පෙට්ටි දෙකක් පෙරේදා දිනයේදි සොයාගැනුනා. ඒවා යුද්ධ සමයේදි භාවිත කරන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ.

ඒ පිළිබද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු එම ස්ථානයේ වැඩිදුරටත් කැණිම් කිරිමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගත්තේ.ඒ අනුව එම කැණිම් වලදි ටී පනස් හය ගිනි අවි සදහා භාවිත කරන පතොරම් 750 බැගින් අඩංගු ලෝහ ආවරණ සහිත පෙට්ටි 84 ක් හමුව තිබෙනවා.

ටී පනස් හය ගිනි අවි සදහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතොරම් 46 දහසක් / එම් 60 අවි සදහා භාවිත කරන පතොරම් 800 ක් හා එම් පී එම් ජී අවි සදහා භාවිත කරන පතොරම් 400 ක්ද මෙහිදි සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?