කිරුළපන මනුෂ්‍ය ඝාතනයක්

කිරුළපන මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වැඩිමහල් සහෝදරයා විසින් සිය බාල සහෝදරයාට පිහියකින් ඇන මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මරණකරු 29 හැවිරිදි කිරුළපන – හයිලෙවල් හි පදිංචි ආර්.ඒ. අමිල සඳරුවන් නමැත්තෙක්.

ඔහු එක් දරු පියෙකු බව ද වාර්තා වනවා.

32 හැවිරිදි සැකකාර සහෝදරයාව ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා තදින් අයිස් හා හොරයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටි අයෙකු බවත්; ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකාර සහෝදරයා විසින් එළවළු කපන පිහියකින් සිය බාල සොහොයුරාගේ පපු ප්‍රදේශයට ඇන ඇති බවයි මේ වනවිට හෙළි ව ඇත්තේ.

සැකකරු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා එකම පියාගේ මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් බවටත් හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21