ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (05) යෙදී තිබෙනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමිනුයි මෙම උත්සවය සමරනු ලබන්නේ.
සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.
ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වනවා.
ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද පාස්කු මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන ආගමික වැඩසටහනක් වනවා.
මේ අතර මෙවර පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර තිබෙනවා.













