කිත්තම්පහුවේ වෙඩි තැබීමට ඇල්ලූ කත ප්‍රධාන සැකකරු ගැන තොරතුරු වමාරයි

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පසුගිය අගෝස්තු මස 28 වනදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත් වූ තැනැත්තියක් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකාරිය පසුගිය 31 වනදා අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාරියගෙන් ලද තොරතුරු අනුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිට පසුව ඊයේ (03) දින පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

සැකකරු 37 හැවිරිදි වියේ පසුවන කොටහේන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සැකකරුගෙන් ලද තොරතුරු අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වරය සහ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද සොයාගෙන තිබෙනවා.

පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (04) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33