spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිත්තම්පහුවේ වෙඩි තැබීමට ඇල්ලූ කත ප්‍රධාන සැකකරු ගැන තොරතුරු වමාරයි

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පසුගිය අගෝස්තු මස 28 වනදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත් වූ තැනැත්තියක් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකාරිය පසුගිය 31 වනදා අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාරියගෙන් ලද තොරතුරු අනුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිට පසුව ඊයේ (03) දින පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

සැකකරු 37 හැවිරිදි වියේ පසුවන කොටහේන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම සැකකරුගෙන් ලද තොරතුරු අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වරය සහ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද සොයාගෙන තිබෙනවා.

පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (04) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?