බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණීය තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය අද (12) පැවසුවා.
අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් ෆයිසාන් ඛාන් නැමති මෙම පුද්ගලයා වෘත්තියෙන් නීතිඥයෙකු බවයි වාර්තා වන්නේ.
චත්තිස්ගාර් හි රායිපූර් හි පිහිටි නිවසේ දී මෙම පුද්ගලයා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගිය සතියේ දී බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට තර්ජනාත්මක ඇමතුම ලබාගැනීමට භාවිත කළ ඔහුගේ ජංගම දුරකථනය සොරකම් කළ බව ෆයිසාන් මීට පෙර පොලිසියට පවසා ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකරුවා ෂාරුක් ඛාන්ට තර්ජනාත්මක ඇමතුමක් ලබා දී රුපියල් ලක්ෂ 50ක් කප්පම් ලෙස ඉල්ලා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1