කැලඹුණු කාලගුණයෙන් දකුණු වෙරළ තීරයේ මුහුදු රළ ගොඩබිමට

දිවයිනට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ඒමට පටන්ගෙන තිබෙනවා.

ඒ ආකාරයෙන් දකුණු මුහුදු තීරයේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් ද මුහුදු රළ ගොඩබිමට පැමිණීම ආරම්භ කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අද (16) අලුයම් කාලයේ සිට මුහුදු රළ විටින් විට ගොඩබිමට පැමිණ ඇති අතර ඉන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මුහුදු ජලය සමග මුහුදු වැලි හා නොයෙකුත් අපද්‍රව්‍ය ද මාර්ගයට ගසාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල සමුද්‍ර මාවතේ පැති බැමි රළ පහරට හසුවීමෙන් කඩාගෙන ගොස් තිබීම ද දක්නට ලැබුණා.

එමෙන්ම ජාකොටුවැල්ලේ නතරකොට තිබු බෝට්ටු ද රළ පහරට හසුවීමෙන් මාර්ගයට ගසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල පොලිසිය සහ මහ නගර සභාව එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයේ පස් ඉවත්කර වාහන ගමනාගමනයට ඉඩ සලසමින් ඇති බව ද අප වාර්තාකරු පැවසුවා.

මේ අතර අම්බලන්ගොඩ ධීවර වරායට ද ඊයේ රාත්‍රියේ මුහුදු රළ වේගයෙන් ගොඩබිමට ගසාගෙන ඒම හේතුවෙන් එහි නවතා තිබූ බෝට්ටුවලට දැඩි අලාභ හානි සිදු ව ඇති බවට වාර්තා වනවා.

ජල පහරත් සුළං පහරත් සමග බෝට්ටු එකිනෙක ගැටීමෙන් විනාශ වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?