ක්‍රීඩකයින් 15ක් තවමත් ෆිට්නස් ටෙස්ට් එකට සහභාගී වී නෑ – මතිෂ සහ වනිඳුත් ඒ අතර

ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුව යටතේ අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණය සඳහා ක්‍රීඩකන් 15 දෙනෙක් තවමත් සහභාගී වී නොමැති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළ බව ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරනවා.

එලෙස අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වී නොවූ ක්‍රීඩකයින් අතර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග ද සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩකයින් 06 දෙනෙකු අවම වශයෙන් එක් උත්සාහයක්වත් අසමත් වී ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුව යටතේ ක්‍රීඩකයින් 45 දෙනෙකු සිටිනවා.

මේ අතර යෝග්‍යතා පරීක්ෂණය සඳහා තවමත් සහභාගී වී නොමැති වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අයි.පී.එල් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, වනිඳු තවමත් NOC (විරෝධතා සහතිකයක්) ඉල්ලා නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසු බව ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ලකුණු 29න් 17ක් ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03