පාසල් සිසුවෙක් තවත් සිසුවෙක්ව පාසල තුළ දී කපලා

පාසල් සිසුවෙක් විසින් තවත් සිසුවෙක්ව පේපර් කටරයකින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව දංකොටුව පොලිසිය පවසනවා.

ඊයේ (06) දහවල් පාසල තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැපුම් තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තුවාල ලබා ඇති සිසුවා සහ සිද්ධියට සම්බන්ධ අනෙක් සිසුවා දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක එකම පංතියේ ඉගෙනුම ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

සිසුන් දෙදෙනා අතර නිතර පාසලේ දී ආරවුල් සිදුව ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇති අතර, ඊයේ (06) දහවල් ද මොවුන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ අතක් පේපර් කටරයකින් කපා තුවාල සිදුකර ඇති බවයි මූලික විමර්ශණවල දී අනවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42