කැලඹුණු කාලගුණයෙන් දකුණු වෙරළ තීරයේ මුහුදු රළ ගොඩබිමට

දිවයිනට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ඒමට පටන්ගෙන තිබෙනවා.

ඒ ආකාරයෙන් දකුණු මුහුදු තීරයේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් ද මුහුදු රළ ගොඩබිමට පැමිණීම ආරම්භ කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අද (16) අලුයම් කාලයේ සිට මුහුදු රළ විටින් විට ගොඩබිමට පැමිණ ඇති අතර ඉන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මුහුදු ජලය සමග මුහුදු වැලි හා නොයෙකුත් අපද්‍රව්‍ය ද මාර්ගයට ගසාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල සමුද්‍ර මාවතේ පැති බැමි රළ පහරට හසුවීමෙන් කඩාගෙන ගොස් තිබීම ද දක්නට ලැබුණා.

එමෙන්ම ජාකොටුවැල්ලේ නතරකොට තිබු බෝට්ටු ද රළ පහරට හසුවීමෙන් මාර්ගයට ගසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල පොලිසිය සහ මහ නගර සභාව එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ගයේ පස් ඉවත්කර වාහන ගමනාගමනයට ඉඩ සලසමින් ඇති බව ද අප වාර්තාකරු පැවසුවා.

මේ අතර අම්බලන්ගොඩ ධීවර වරායට ද ඊයේ රාත්‍රියේ මුහුදු රළ වේගයෙන් ගොඩබිමට ගසාගෙන ඒම හේතුවෙන් එහි නවතා තිබූ බෝට්ටුවලට දැඩි අලාභ හානි සිදු ව ඇති බවට වාර්තා වනවා.

ජල පහරත් සුළං පහරත් සමග බෝට්ටු එකිනෙක ගැටීමෙන් විනාශ වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23