අවුරුද්දට CTB බස් එකේ ගමේ යනවා නම් තෑගි – ටිකට් එක පරිස්සම් කරලා තියාගන්න

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය සඳහා ගම්බිම් බලා යන ජනතාව විශේෂ ප්‍රවාහන සේවාවක් අනිද්දා (09) දිනයේ සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කරුණාරත්න පවසනවා.

සහාපතිවරයා අද (07) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ අතර, හෙට (08) දිනයේ දී නවීකරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ද මහජනතාව වෙනුවෙන් විවෘත කරන බවයි සඳහන් කළේ.

මේ අතර අප්‍රේල් 09 වනදා සිට 21 දක්වා කාලය තුළ ලංගම බස්රථ මඟින් සිය ගමන් පහසුව සලසා ගන්නා මගීන් විසින් ලබාගන්නා ප්‍රවේශ පත්‍රය ප්‍රවේශම්කර තබාගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවට දැනුම් දෙනවා.

සභාපතිවරයා පැවසුවේ එම ප්‍රවේශපත් විශේෂ දිනුම් ඇදීමකට ලක්කර ත්‍යාග මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම 1958 දුරකථන අංකය ඔස්සේ අමතා ලංගම බස්රථ ගමනා ගමනය පිළිබඳව තොරතුරු දැනගැනීමට සහ යම් ගැටළු ඇත්නම් ඒ පිළිබඳව දැනුම්දීමට හැකියාව පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා පවතින කාලය තුළ ලංගම බස්රථවල ආසන වෙන්කර ගැනීමේ සේවාව නවතා දමා ඇති බවත් ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14