කැරට් කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවයි (වීඩියෝ)

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන ඉතිහාසයේ පළමු වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) රාත්‍රියේ සිට රුපියල් 1000ත් 1100 අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම චීන ආහාර සඳහා යොදා ගන්නා Broccoli ඇතුළු අනෙකුත් එලවළු වර්ගවල කිලෝවක මිල ද රුපියල් 7000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

නුවරඑළිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවීන්ගෙන් ඊයේ කැරට් කිලෝවක් රුපියල් 900ක් වැනි තොග මිලට ලබාගත්ත ද එම කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බවයි ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳුන් කියා සිටියේ.

ලීක්ස්, බිට්රූට් සහ ගෝවා කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර තොග මිලකට අලෙවි කරන බව සඳහන්.

බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 750ත් 800ත් අතර තොග මිලකට බවයි වෙළඳුන් කියා සිටියේ.

අමු මිරිස් කිලෝවක් රුපියල් 1600ක්, රාබු කිලෝවක් රුපියල් 350ක් වැනි මිලකට අලෙවි කෙරෙනවා.

මිට සති දෙකකට පමණ පෙර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය තුල කැරට් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 350ත් 400ත් අතර මිලකටයි.

නුවරඑළිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එළවළු වගා විනාශ වී අස්වැන්න අඩුවීම හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් මෙලෙස මිල අධික ලෙසට ඉහළ යාමට හේතුව බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය තවත් මාස 3ක් වැනි කාලයක් පවතින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

තොග මිළට සමගාමීව සිල්ලර මිල ද 100%කින් ඉහළ යාම හමුවේ ඇතැම් පාරිභෝගිකයන් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් එළවළු මිලදී ගන්නා බව සඳහන්.

පවතින මෙම තත්ත්වය මත එළවළු අලෙවිය පහත වැටී ඇති බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?