කැරට් කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවයි (වීඩියෝ)

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන ඉතිහාසයේ පළමු වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) රාත්‍රියේ සිට රුපියල් 1000ත් 1100 අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම චීන ආහාර සඳහා යොදා ගන්නා Broccoli ඇතුළු අනෙකුත් එලවළු වර්ගවල කිලෝවක මිල ද රුපියල් 7000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

නුවරඑළිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවීන්ගෙන් ඊයේ කැරට් කිලෝවක් රුපියල් 900ක් වැනි තොග මිලට ලබාගත්ත ද එම කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බවයි ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳුන් කියා සිටියේ.

ලීක්ස්, බිට්රූට් සහ ගෝවා කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර තොග මිලකට අලෙවි කරන බව සඳහන්.

බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 750ත් 800ත් අතර තොග මිලකට බවයි වෙළඳුන් කියා සිටියේ.

අමු මිරිස් කිලෝවක් රුපියල් 1600ක්, රාබු කිලෝවක් රුපියල් 350ක් වැනි මිලකට අලෙවි කෙරෙනවා.

මිට සති දෙකකට පමණ පෙර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය තුල කැරට් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 350ත් 400ත් අතර මිලකටයි.

නුවරඑළිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එළවළු වගා විනාශ වී අස්වැන්න අඩුවීම හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් මෙලෙස මිල අධික ලෙසට ඉහළ යාමට හේතුව බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය තවත් මාස 3ක් වැනි කාලයක් පවතින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

තොග මිළට සමගාමීව සිල්ලර මිල ද 100%කින් ඉහළ යාම හමුවේ ඇතැම් පාරිභෝගිකයන් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් එළවළු මිලදී ගන්නා බව සඳහන්.

පවතින මෙම තත්ත්වය මත එළවළු අලෙවිය පහත වැටී ඇති බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14