AFC Banner
Empty Ad
Empty Ad

කැබිනට් සංශෝධනයක්! ඇමැති ධූර 2ක්!! රාජ්‍ය අමාත්‍යවරුන් 4ක්!

මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුවීමේ ලකුණු පහළ කර තිබීමත් සමග ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පැවැති ආකාරයට වෙනම මානව හිමිකම් අමාත්‍යංශයක් නිර්මාණය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.

බොහෝ දුරට ඉදිරි දින කිහිපය තුළ මෙම අමාත්‍යංශය නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින අතර ඒ සමගම සුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව නව කැබිනට් අමාත්‍ය ධූර දෙකක් සහ රාජ්‍ය අමාත්‍ය ධූර 4ක් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන‌යේදී පත්කරනු ඇති බව වාර්තා වේ.

බොහෝ දුරට අලුතින් නිර්මාණය කරන මානව හිමිකම් අමාත්‍යංශය මහින්ද සමරසිංහ මහතා යටතට පත් කරනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මානව හිමිකම් චෝදනා එල්ල වූ අවස්ථාවේදීත් මානව හිමිකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්ද සමරසිංහ මහතාය.

2009 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ලංකාවට එරෙහිව පැවැති ජන්ද විමසීමේදී ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්කරනු ලැබූ මෙහෙයුම ක්‍රියාත්මක වූයේද මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීට අමතරව නැගෙනහිර පළාතට ආණ්ඩුවේ ආමාත්‍යවරයකු නොමැති වීම හේතුකොටගෙන ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාටද කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.

ඉදිරි කාලයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානමක්ද පවතින බැවින් නැගෙනහිර පළාත ඉලක්ක කර මෙම පත්කිරීම සිදු වනු ඇති බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?