AFC Banner
AFC Banner
Empty Ad

කැබ් රථය තුළ පිළිස්සුණු මළසිරුරක් (වීඩියෝ)

හබරණ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක් වු කැබ් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හබරණ, මින්නේරිය මාර්ගයේ 39 කණුව ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රීයේ කැබ් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබු අතර පොළොන්නරුව ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පවත්වනු ලැබුවා.

සිදුකළ විමර්ශනවල දී අදාළ මෝටර් රථය තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ එම කැබ් රථයේ හිමිකරු බවට සැක කෙරෙන අතර මළ සිරුර කැබ් රථයේ පිටුපස අසුනේ තිබී ඇති බව සඳහන්.

කැබ් රථයේ හිමිකරු දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් මෙය ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කරගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?