කැනඩාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ කොටසක් ලෙස, කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් අද (12) සිට ඔක්තෝබර් 17 දක්වා ඉන්දියාව, සිංගප්පූරුව සහ චීනය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව කැනේඩියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ඉන්දීය සංචාරය අතරතුර, ආනන්ද් නවදිල්ලියේදී විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් හමුවනු ඇති.
වෙළඳ විවිධාංගීකරණය, බලශක්ති පරිවර්තනය සහ ආරක්ෂක ගැටළු ඇතුළත් උපායමාර්ගික සහයෝගීතාව සඳහා රාමුවක් ඉදිරියට ගෙන යාම කෙරෙහි සාකච්ඡාවල දී අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.
දිල්ලියට අමතරව, කැනඩාවේ සහ ඉන්දියාවේ ආයෝජන, රැකියා උත්පාදනය සහ ආර්ථික අවස්ථා පෝෂණය කරන කැනේඩියානු සහ ඉන්දියානු ව්‍යාපාර සමඟ සම්බන්ධ වීමට ආනන්ද් මුම්බායි වෙත යන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ඉන්දීය සංචාරයෙන් අනතුරුව කැනඩා විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් සිංගප්පූරුවට සහ චීනයට සංචාරය කිරීමට නියමිතයි.





